Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මගීන් 50කට අධික සංඛ්‍යාවක් රැගත් බස් රථයක් පානදුරේදී පෙරළෙයි

2 years ago

පානදුර බස් නැවතුම අසලදී අද (15) අළුයම 4.00ට පමණ බස් රථයක් පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුර හේතුවෙන් සිව්දෙනෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (14) රාත්‍රී 11ට පමණ ලුණුගම්වෙහෙර සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස පෙරළී ඇති බව පානදුර දකුණ පොලීසිය පැවසීය.

අනතුරු සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 50කට වැඩි පිරිසක් සිට ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් පොලිසිය අනුමාන කරන්නේ බස් රථයේ රෝදවල සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි.