Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගමන් ගන්නා අයට දැනුම්දීමක්

2 years ago

රාවණා ඇල්ල රක්ෂිතයට අයත් අධි සංවේදී කලාපයක් වන ඇල්ල රොක් කඳු පන්තියේ හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඒ. එල්. එම් උදය කුමාර මහතා පැවසුවා.

පෙරේදා (13) පස්වරු 4ට පමණ හටගත් මෙම ගින්න හේතුවෙන් ඇල්ල රොක් කඳු පන්තියේ ගල් රත්වී එම ගල් පුපුරායාමේ අවදානමක්ද මතුවී තිබුණා.

සහකාර අධ්‍යක්ෂ ඒ. එල්. එම් උදය කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මේ වනවිට කඳු පන්තියේ ගල් නිරාවරණය වී ඇති බැවින් ගල් පහළට පෙරළීමේ අවදානමක් ද ඇති බවයි.

ඒ හේතුවෙන් ඇල්ල -වැල්ලවාය මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් දැඩි විමසිලිමත්ව රිය ධාවනය කළ යුතු බවද දැනුම්දුන්නා.