Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විද්‍යාපීඨ අධ්‍යාපනයෙහි පෙරළියක් සිදු කිරීමට රජය සැරසෙයි

2 years ago

විද්‍යාපිඨ තුලින් දෙන ගුරු පුහුණු අධ්‍යාපනය වසර 15කින් වෙනස්වී නොමැති බවත් ගුරුවරුන්ගේ වෘත්තීයභාවය වර්ධනය කරමින් නවීණ අධ්‍යාපන දැනුමින් සන්නද්ධ කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණක් බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

දරුවන්ගේ අනාගතය නිර්මාණය කරන ගුරුවරුන් බිහිකරන මෙරට විද්‍යාපිඨ පද්ධතිය තුළ ගුරු පුහුණු අධ්‍යාපනය වසර 15කින් වෙනස් වී නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

වර්තමාන රජය අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළා.

එමෙන්ම රට තුළ ඇතිකළ යුතු පරිවර්තනය සිදු කරන්න නම් අධ්‍යාපනයේ ගුණාත්මක වෙනස්කම් සිදු විය යුතු බව රජය අවබෝධ කරගෙන ඇති බවයි ඇය අවධාරණය කළේ.

2026 කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්ලාස්ටර් ගසා, තියන එක ඇදගෙන යන ක්‍රමයක් නොව එය ගුණාත්මක හා මානුෂීය මෙන්ම නවීන ලෝකය ජයගත හැකි පුද්ගලයෙක් බිහි කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් බව ද අගමැතිනිය සඳහන් කළාය.

පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයට වසර 25ක් පිරීම නිමිත්තෙන් විද්‍යාපිඨ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය එම පීඨයේ පැවැත්වූ “පුළතිසිය තරුණයි” සැමරුම් උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය එසේ සඳහන් කළාය.

පුලතිසිපුර අධ්‍යාපන විද්‍යා පිඨයේ ලාංඡනය සහිත සමරු ඵලකය නිරාවරණය කිරීම හා විද්‍යාපිඨ පරිශ්‍රයේ නා පැලයක් රෝපණය කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කළ අතර 2000 වසරේ සිට 2025 දක්වා කාලය තුල එහි සේවය කළ පිඨාධිපතිවරු ඇතුළු සමස්ත කාර්යමණ්ඩලය ඇගයීමද මෙහිදී සිදු කෙරිණ.