Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කටුනායක ගුවන් තොටුපොළ රේගුව ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය වටලයි

2 years ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ රේගුව සිය ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ රාත්‍රී අබුඩාබි හරහා ශ්‍රිලංකාවට පැමිණි එටිහාඩ් ගුවන් සේවයට අයත් EY 396 දරණ ගුවන් යානයෙන් පැමිණි කැනේඩියානු ජාතික කාන්තාවක් රේගු නිලධාරීන් විසින් පරික්ෂාවට ලක් කරන ලදී.

කැනඩාවේ ටොරොන්ටෝ සිට පැමිණි මෙම කාන්තාවගේ ගමන් මලුවල තිබි හසිෂ් නැමති මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 36 ක් හමුවු බව රේගුව පැවසීය.

මෙම හසිෂ් තොගයේ වටිනාකම රුපියල් මිලියන 360 ක් බව රේගු නිලධාරීන් සඳහන් කළේය. වැඩිදුර පරීක්ෂණ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත බාරදී තිබේ.