බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් සිදුව තිබේ.
මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ දී එම හමුව සිදුව ඇති බව සඳහන්ය.
බලශක්ති අමාත්‍යවරයා සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර පැවති සාකච්ඡාවේ දී දෙරට අතර බලශක්ති හවුල්කාරීත්වයේ විවිධ පැතිකඩ සමාලෝචනයට ලක් වූ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.
මේ අතර ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් ද පසුගියදා පවත්වා තිබේ.
දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පුළුල් ලෙස එහිදී අදහස් හුවමාරු වී ඇති බවයි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.
අදානි සමාගම විසින් මෙරට ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ ව්‍යාපෘතිවලින් ඉවත්වන බවට නිවේදනය කර ඇති පසුබිමක එම සාකච්ඡා පැවැත්වීම විශේෂත්වයකි.
