Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහාචාර්ය සනත් නන්දසිරි මහතා වෙනුවෙන් සමරු මුද්දරයක්

2 years ago

දිවංගත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ 83 වැනි ඡන්ම දිනය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව මගින් සමරු මුද්දරයක් නිකුත් කර තිබෙනවා.

උඩහමුල්ල සිරි ජිනරතනාරාම විහාරස්ථානයේදි ඊයේ  (15) මෙම සමරු මුද්දරය නිකුත් කළා.

එහිදි තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගින් නිකුත් කරන ලද මුල්දින කවරය තැපැල්පති රුවන් සත්කුමාර මහතා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත පිළිගැන්වීම සිදුවුණා.

මෙම අවස්ථාවට බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, විශාරද මල්කාන්ති නන්දසිරි, විශාරද අනුරාධා නන්දසිරි මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂක ලංකා ද සිල්වා ඇතුළු කලාකරුවන් රුසක් සහභාගි වී සිටියා.