Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධූරයෙන් ඉල්ලා අස් වූ බව කතානායක නිල වශයෙන් දැනුම් දෙයි

4 years ago

ශ්‍රී ලංකාවේ සත්වැනි විධායක ජනාධිපති ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය තමාට භාරදුන් බව හා එහි නීත්‍යානුකූලභාවය තහවුරු කරගත් බව කතානායකවරයා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ ධුරයෙන් ඉල්ලා අස්වූ පළමු ජනාධිපතිවරයා බවට ගෝඨාභය රාජපක්ෂ පත්වනවා.

සිය ධූර කාලය නිමා කිරීමට වසර දෙකකටත් වඩා තිබියදී මෙම ඉල්ලා අස් වීම සිදු වීම විශේෂත්වයකි.

ඒ සම්බන්ධයෙන් හා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කරමින් නිකුත් කළ නිල මාධ්‍ය නිවේදනය පහතින්.