UPDATE: පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතේ තුන්වන කියවීම සංශෝධන නොමැතිව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
එහිදී පක්ෂව ඡන්ද 158 ක් ලැබුණු අතර, විපක්ෂව කිසිදු ඡන්දයක් නොලැබුණි.
————————————————————————————————————————————————————————————
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත අද (17) රැස්වූ පාලරීමේන්තුවේදී සම්මත වුණා.
එහිදී එයට පක්ෂව ඡන්ද 187ක් ලැඹුණු අතර විපක්ෂව කිසිඳු ඡන්දයක් හිමිවුණේ නැහැ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ වගන්ති දෙකක් පාලරීමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනුම් දීම අනුව මෙම විවාදය අද දිනයේදී පැවැත්වුණා.
පනත් කෙටුම්පතේ 2 වැනි සහ 3 වැනි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව සමග අනනුකූල වන බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 ව්‍යවස්ථාවේ (2) ජේදයට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කළයුතු බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම් දෙනු ලැබුවේ.
ඒ අනුව ඊට අදාළ විශේෂ විධි විධාන පනත අද පාලරීමේන්තුවට ඉදිරිපත් කර ජන්දය විමසීමක් සිදු කරනු ලැබුවා.
