යාපනය, සංගරත්තෙයි ප්රදේශයේ පිහිටි තීක්කිරායි වැව ආසන්නයේ වු අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් කුඩා දරුවෙකු හා දරුවාගේ මාමා ජීවිතක්ෂයට පත්ව ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලීසිය පවසයි.
මුලතිව්,රෙඩ්බානා ප්රදේශයේ පදිංචි දරුවා, මව සමඟ මවගේ මහ ගෙදර පැමිණ ඇති අවස්ථාවේ දරුවාගේ මාමා, දරුවා සමඟ වැව බැලීමට ගොස් ඇති බව අනාවරණය වී තිබේ.
එහිදි දරුවා හා දරුවාගේ මාමා වැව ආසන්නයේ වු අනාරක්ෂිත ළිඳකට වැටී ඇති අතර, දරුවා ජලයේ පාවෙනු දැක ප්රදේශවාසීන් වහාම දරුවා ජලයෙන් ගොඩගෙන යාපනය රෝහලට ඇතුළත් කොට තිබුණි.
එහිදි දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනතුරුව දරුවා ජලයේ පාවී සිටි ස්ථානයේ වැඩිදුර පරීක්ෂා කිරීමේදී දරුවාගේ මාමාගේ මළසිරුර සොයා ගැනීමට හැකිවු බවද පොලීසිය පැවසීය.
මියගිය දරුවාගේ හා මාමාගේ පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් වඩ්ඩුකොඩ්ඩෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
