Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යතුරුපැදියක් විදුලි කණුවක ගැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

2 years ago

පුවරසන්කුලම පොලිස් වසමේ පම්පෙමඩුව ප්‍රදේශයේදී ඊයේ (17)දින යතුරුපැදියක් විදුලි රැහැන් කණුවක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි සිප්පිකුලම, මිහින්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මන්නාරම දෙස සිට වව්නියාව දෙසට ධාවනය කළ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ විදුලි රැහැන් කණුවක ගැටී අනතුර සිදු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුවරසන්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.