Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බීමතින් පාසලකට ඇතුළු වී සිසුවියන් අපයෝජනයට තැත්කල පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

2 years ago

මුලතිව්, මල්ලාවි ප්‍රදේශයේ පාසලකට බීමත්ව සිවිල් ඇඳුමින් ඇතුළු වූ පොලිස් නිලධාරියෙක් පාසල් සිසුවියන්ව වැසිකිළියක් තුළ දී අපයෝජනයට ලක්කිරීමට තැත්කර තිබේ.

එම පොලිස් නිළධාරියාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මල්ලාවි පොලිසියට අනුයුක්තව රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකි.

පාසල් ක්‍රීඩා තරග සඳහා පාසල් වේලාවෙන් පසුව රැඳී සිටි පාසල් සිසුවියන්ව මෙලෙස අපයෝජනයට ලක්කිරීමට තැත් කර ඇති අතර, එහි වූ පිරිස පොලිස් නිලධාරියාට පහරදෙන අයුරු ජංගම දුරකථනයක ද සටහන්ව තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මල්ලාවිය පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති අතර, අදාළ පොලිස් කොස්තාපල්වරයාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිත බව සඳහන්.