ආගමන – විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අද සිට පැය 24 පුරා විවෘත කර, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරිීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
ඒ සඳහා අතිරේක කාර්ය මණ්ඩල අනුයුක්ත කිරීමට මීට පෙර කැබිනට් අනුමැතිය හිමිව තිබුණා.
ඒ අනුව දෛනිකව විදේශ ගමන් බලපත්‍ර 4000ක් නිකුත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ ය.
ඒ අනුව පැය 24 පුරා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරන බවත්, ජනතාවගේ ගමන් පහසුව සඳහා රාත්‍රී කාලයේදී බත්තරමුල්ලට විශේෂ බස් සේවාවක් යොදවන බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
