Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුසියන් කතට මරු කැඳවූ සෙල්ෆිය

2 years ago

දුම්රියේ ගමන් කරන අතරතුර සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ විදෙස් ජාතික කාන්තාවක් දුම්රියෙන් ඇදවැටී මියගොස් තිබෙනවා.

අද (19) උදෑසන එම අනතුර සිදුව තිබුණේ බදුල්ල බිංගෙයට නුදුරු අමුණුවැල්පිටිය  180/25 කණුව අසලදීයි. 

එම විදෙස් ජාතික කාන්තාව බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියෙන් මෙලෙස ඇද වැටී තිබුණා. 

එම අනතුරින් මියගොස් ඇත්තේ, පර්සිනෝමා ඔල්ගා නමැති 50 හැවිරිදි රුසියානු ජාතික කාන්තාවක්.

මරණකාරිය 12 දෙනෙකුගෙන් යුත් පිරිසක් සමග රුසියාවේ සිට ශ්‍රීලංකාවේ සංචාරයක් සඳහා පැමිණ තිබුණා.

එම කණ්ඩායම සමග අද උදෑසන බදුල්ලට පැමිණ, බදුල්ලේ සිට ඇල්ල දක්වා ගමන් කරන අතරතුර දුම්රියේ එල්ලී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේදී දුම්රිය මාර්ගය අද්දර පස්කණ්ඩියක ගැටී ඇදවැටී ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය පවසනවා.

තුවාලකාරිය එම දුම්රියෙන් රැගෙන විත් හාලිඇළ දුම්රිය ස්ථානයට භාරදීමට කටයුතු කර තිබුණා.