ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
අද (20) උදෑසන ඇය මෙලෙස ජීවිතයෙන් සමුගත් බව පවුලේ ආරංචි මාර්ග පැවසීය.
මියයන විට ඇය 82 වැනි වියේ පසුවිය.
දශක ගණනාවක් පුරා ලාංකික කලා කෙත වෙනුවෙන් විශාල සේවාවක් ඉටුකළ ඇය රන්දොරින් එන්න ආදරේ, පින්න මල් පිපී, අනෝතත්ත විල, කන්ද උඩින් හද පායන ලීලා ආදී ගීත රැසක් රසික රසිකාවියන්ට තිළිණ කළාය.
