ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය විසින් වයස අවුරුදු 70 ඉක්මවූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා වන රුපියල් 3,000ක මාසික දීමනාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයට අනුව මෙම මාසයේ දීමනාව සහ හිඟ දීමනා තැපැල් හා උප තැපැල් කාර්යාල හරහා ලබා දීමට කටයුතු සූදානම් කර ඇති අතර, එම ගෙවීම් අද (20) සිට ආරම්භ කිරීමට නියමිතය.
මෙම ගෙවීම් මෙතෙක් දීමනා ලබමින් සිටි වැඩිහිටියන්ට පමණක් සිදු කරන බවත්, අස්වැසුම පවුල්වල සිටින වැඩිහිටියන් මෙම ගෙවීම්වලින් බැහැර වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි/
