Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ravi kumudesh

සෞඛ්‍ය සේවකයින් වැඩ වර්ජනයකට සැරසෙයි

2 years ago

මෙවර අයවැය මඟින් සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල දීමනා කප්පාදු කිරීමට රජය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කරනවා.

සෞඛ්‍ය කාර්යමණ්ඩල මෙතෙක් බුක්ති විඳි අතිකාල රෙට් අගය සහ නිවාඩු දින දීමනාවලට අදාළව අයවැයෙන් සිදුකළ වෙනස සතියක් තුළ නිවැරදි කළ යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කරයි.

එම වෙනස නිවැරදි නොකළහොත් ඉන් පසුව වෘත්තීය ක්‍රියා මාර්ග ගැනීමට ඊයේ (19) තීරණය කළ බවද එම සමිතියේ සමකැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.

පරිපූරක වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය වෘත්තිකයන් විසින් වසර විස්සකට වැඩි කාලයක් තිස්සේ බුක්ති විඳිමින් තිබෙන අතිකාල රෙට් අගය සහ නිවාඩු දින දීමනා ක්‍රමය අය වැය මගින් අත්තනෝමතික ලෙස ඉවත් කර තිබෙන බව ඔහු පවසා සිටියේය.

මෙය නිවැරදි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාට දින හතක කාලයක් ලබා දෙන බවත්, එමගින් ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට උපරිමයෙන් උත්සාහ දරන බවත් රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.