Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදේශිකයින් ගමන් ගත් ත්‍රිරෝද රථයක් අනතුරකට ලක් වෙයි

2 years ago

නුවරඑළිය සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා විදේශිකයන් දෙදෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි ත්‍රිරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වු යතුරුපැදිය ගැටී අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා තිබේ.

ඔහුව ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික්ක මහ රෝහලට ඇතුළත් කළ බව නානුඔය පොලීසිය සඳහන් කළා.

මෙම අනතුර සිදු වී ඇත්තේ අද(20) උදෑසන හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ග නානුඔය, බංගලා හත ප්‍රදේශයේ දීයි.

යතුරුපැදිය ඉදිරියෙන් ධාවනය වු බස් රථයකට අපරීක්ෂාකාරී ලෙස ඉස්සර කිරීමට උත්සහ දැරීමේ දී ත්‍රිරෝද රථයේ ගැටී අනතුර සිදුව තිබුණා.

අනතුර සිදුවෙනවාත් සමග ත්‍රිරෝද රථය මාර්ගයේ නවතා තිබූ ජීප් රථයක ද ගැටී තිබෙනවා.

අනතුරෙන් විදේශිකයන් දෙදෙනාට අනතුරක් සිදුවී නොමැති බව සඳහන්.

එම අනතුරෙන් ත්‍රිරෝද රථයට සහ යතුරුපැදියට දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා.