ජා-ඇල, උස්වැටකෙයියාව වෙරළ තීරයෙන් මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
සැකකටයුතු වෙඩි තැබීම් සලකුණුද මළ සිරුරේ පවතින බව පොලීසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි වියෙහි පමණ වන පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ.
තවමත් මරණකරුගේ අනන්‍යතාව හඳුනාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
