2012 වසරේ ග්‍රීක ආථරිකය බිඳවැටෙන බව දනිමින් – ශ්‍රී ලංකා රජයට අයත් මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.8කට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව පවත්වාගෙන යාමට නොහැකි බව දන්වමින් විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද විසින් අද ප්‍රතික්ෂේප කළා.
විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනා පවරා පවත්වාගෙන යාමට නොහැකි බව දන්වමින් අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිට නීතිඥවරු මීට පෙර මූලික විරෝධතා මතු කර තිබුණා.
ඒ අනුව අදාළ අධි චෝදනා පත්‍ර ප්‍රතික්ෂේප කොට විත්තිකරුවන් නිදහස් කරන ලෙසත් එම මූලික විරෝධතාවලින් ඉල්ලා තිබුණා.
එහෙත් ඒ පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරන බවයි.
ඒ අනුව අදාළ නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය කරන බවත් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළා.
මෙම නඩුව යළි අප්‍රේල් මස 4 වැනිදා යළි කැඳවීමට විනිසුරුවරයා නියෝග කළා.
