Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අත්ට්‍රැක්ටරයේ නඟුලට සිර වී හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට

2 years ago

අත්ට්‍රැක්ටරයක ආධාරයෙන් ඉඩමක් හාමින් සිටි යුධ හමුදා සෙබලෙකු එම ට්‍රැක්ටරයේම නඟුලට සිරවී ජීවිතක්ෂයට පත්වි ඇති බව දිඹුලපතන පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, දිඹුලපතන පොලිස් වසමට අයත් බෝගහ වත්ත, විජයබාහුකන්දේ පදිංචි දසන්ත චන්දික හේරත් නමැති 32හැවිරිදි අයෙක්.

නිවාඩු ලබා නිවසට පැමිණ කුලී පදනම මත ලබාගත් ඉඩමක එළවළු වගා කිරීම සඳහා අත් ට්‍රැක්ටරයෙන් ඉඩම හාමින් සිටියදීයි ඔහු මෙලෙස ඊයේ (20) පස්වරුවේ මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.

අත් ට්‍රැක්ටරයෙන් ඉඩම හාමින් සිටියදී ඇක්සලේටරය සිරවී අත් ට්‍රැක්ටරය වේගයෙන් ඉදිරියට ධාවනය වී ඇති අතර, එය නතර කර ගැනීමට උත්සාහ කිරීමේදී මොහු එම නඟුලට සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර පිළිබද දිඹුලපතන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.