Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිට්ටඹුවේදී අඹුසැමි යුවළකට තියුණු ආයුධ ප්‍රහාරයක්

2 years ago

නිට්ටඹුව, පින්නගොල්ල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු විසින් තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ අඹු සැමි යුවළක් රෝහල්ගත කර තිබෙනවා.

එලෙස පහරකෑමට ලක්ව ඇත්තේ 41 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 35 හැවිරිදි කාන්තාවක්.

බස්රථවල කජු විකිණීමේ සිද්ධියකට අදාළව එම යුවළගේ පුත්‍රයා තවත් අයෙකු සමග මීට දින දෙකකට පෙර ආරවුලක් ඇතිකරගෙන තිබෙනවා.

එම පහරදීමෙන් අනෙක් තැනැත්තා තුවාල ලබා රෝහල්ගතව තිබෙනවා.

රෝහල්ගතව සිටින පුද්ගලයාගේ සහෝදරයන් දෙදෙනෙකු විසින් අදාළ කාන්තාවට සහ පිරිමි පුද්ගලයාට පහරදී ඇති බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.