වෙළඳසැලේ සහල් විකිණීමට තිබියදී, සහල් නොමැති බව පවසමින් සහල් තොග සඟවාගෙන සිටි ව්‍යාපාරිකයකුට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නීතිමය පියවර ගෙන ඇත.
මෙලෙස නීතිමය පියවර ගෙන තිබෙන්නේ ඉබ්බාගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට එරෙහිවයි.
පාරිභෝගික අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් නිලධාරීන් ඉකුත් 18වනදා ඉබ්බාගමුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම ව්‍යපාරිකයාට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
ඒ අනුව එම ව්‍යාපාරිකයාට එරෙහිව ඊයේ (21) කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ දී නඩු පවරනු ලැබීය.
මෙහිදී එම ව්‍යාපාරිකයා වරද පිළිගැනීමෙන් පසුව රුපියල් ලක්ෂ 3කට වැඩි වෙළෙඳපොළ වටිනාකමක් සහිත කිරී සම්බා සහල් අසුරන 237ක ප්‍රමාණයක් රාජසන්ත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
ඊට අමතරව රුපියල් 10,000ක දඩ මුදලක්ද නියම කිරීමට අධිකරණය කටයුතු කළේය.
