අද අලුයම් කාලයේ උඩමළුව පොලිස් වසමේ ජේතවනාරාමය අසල විශ්‍රාම ශාලාවක් ආසන්නයේ වන්දනා නඩයක් රැගෙන පැමිණ තිබූ බස් රථයක් ගිනි ගැනීමට ලක්වී තිබේ.
මෙලෙස ගිනි ගෙන තිබෙන්නේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට අනුරාධපුර ප්‍රදේශයට වන්දනා නඩයක් රැගෙන පැමිණි බස් රථයකි.
එම බස් රථයේ නිදා සිටි පුද්ගලයෙකු ගින්නට හසුවී මියගොස් ඇති බවට අනාවරණය වූ බවද පොලීසිය පවසයි.
මරණකරු වයස අවුරුදු 55 ක් පමණ වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනුරාධපුර නගර සභා ගිනි නිවීමේ ඒකකය, අනුරාධපුර පොලිසිය හා උඩමළුව පොලිසිය එක්වී ගින්න මැඩ පවත්වා ඇති අතර ගින්නට හසු වූ බස් රථය සම්පුර්ණයෙන් ගිනි ගෙන ඇත. උඩමළුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
