Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට විශේෂ ආරක්ෂාවක් සපයයි

2 years ago

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බව වාර්තා වෙනවා.

ඔහුගේ සමාජ මාධ්‍ය නාලිකාවෙහි සම්මුඛ සාකච්ඡා සඳහා සහභාගී වූ පුද්ගලයින් සිව්දෙනෙකු පසුගිය මාස කිහිපය තුළ ඝාතනයට ලක් වීම හේතුවෙන් චමුදිත සමරවික්‍රමට ආරක්ෂාව ලබාදීමට තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන්,’News Wire’ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගෙන් සිදු කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ තමාට ඇමති ආරක්ෂක කොට්ඨාශයේ නිලධාරීන් සිව් දෙනෙකුගේ ආරක්ෂාව ලබා දී ඇති බවයි.

පසුගිය දා සිදුවූ මිද්දෙණිය වෙඩි තැබීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් චමුදිත සමරවික්‍රම තමාට ආරක්ෂාව සපයන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් සිදු කර තිබුණා.