අපරාධ සිදුවීම් සහ ඊට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට මහජනයාට යුතුකමක් සහ වගකීමක් පවතින බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.
වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ එවැනි තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ රහසිගතභාවය ආරක්ෂා කරන බවත්, 1997 යන අංකය ඔස්සේ එවැනි තොරතුරු දැනුම්දිය හැකි බවයි.
එහිදී ටී56 ගිනි අවියක් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබා දී එම තොරතුරු ඔස්සේ එම ආයුද සොයා ගැනිමට හැකි වුවහොත් එලෙස සොයා ගන්නා එක් ටී56 අවියක් සඳහා තොරතුරු ලබාදුන් පුද්ගලයාට රුපියල් ලක්ෂ 10 ක ත්‍යාග මුදලක් ලබා දෙන බව වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
