තාවකාලිකව නවතා දමා තිබූ ඉන්දු – ශ්‍රී ලංකා බෝට්ටු සේවාව යළිත් ආරම්භ කරමින් අද ශිවගංගෙයි නෞකාව නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්ගසන්තුරේ වරායට ළඟා වුණා.
මගීන් 83 දෙනෙකු රැගත් මෙම නෞකාව අද දහවල් කන්ගේසන්තූරය වෙත ළඟා වූ බවයි වාර්තා වන්නේ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හා සංචාරක ප්‍රවධර්නය සඳහා නාගපට්නම් සිට යාපනය දක්වා නව ජාත්‍යන්තර මගී යාත්‍රා සේවාවක් 2003 ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කළා.
එය සංචාරකයින් සහ වෙළඳුන් අතර ඉතා ජනප්‍රිය වූ අතර, කුණාටු, වැසි, රළු මුහුද සහ කාලගුණික තත්ත්වයන් හේතුවෙන් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී මෙම සේවය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.
