Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සංජීව ඝාතනයට තවත් තිදෙනෙක් අත්අඩංගුවට

2 years ago

ගනේමුල්ල සංජීව ඝාතනයට අදාළව තවත් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා එම ඝාතනයට අදාළව පුද්ගලයින් 08 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. 

ඊයේ (23) දින අත්අඩංගුවට ගත් තිදෙනා ගම්පහ සහ උඩුගම්පොල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලීසිය පවසයි.

ඒ අනුව, අපරාධය සදහා යොදා ගත් ගිනි අවිය සන්තකයේ තබා ගෙන සිට අපරාධයට පෙර දින වෙඩික්කරු හට ලැබීමට සලස්වා අපරාධයට ආධාර අනුබල දීම යන චෝදනාව යටතේ හොරණෑකාරගේ දමිදු ලක්ෂාන් නැමති 22 හැවිරිදි මල්වත්ත පාර, අස්ගිරිය, ගම්පහ පදිංචි අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම, අපරාධයෙන් පසු වෙඩික්කරු සහ සෙසු සැකකාරිය ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කර අපරාධයට ආධාර අනුබල දීම යන චෝදනාව යටතේ 25 හැවිරිදි අස්ගිරිවල්පොල, උඩුගම්පොල පදිංචි අයෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තවද, ඉහත චෝදනාව යටතේම 19 හැවිරිදි අස්ගිරිවල්පොල, උඩුගම්පොල පදිංචි අයෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියට සම්බන්ධ ත්‍රිරෝද රථය ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබේ.