ගිනි අවි, උණ්ඩ සහ කඩු නිදන කාමරයේ මෙට්ටය තුළ සඟවා ගෙන සිටි කාන්තාවක් ඊයේ (22) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හබරාදුව, හරුමල්ගොඩ, වැල්ලගේ වත්ත පදිංචි 27 හැවිරිදි කාන්තාවක්.
පොලිසියට ලද තොරතුරක් අනුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් ගොස් අදාල නිවස පරික්ෂා කිරීමේදී ඇයගේ නිදන මෙට්ටය තුළ සඟවා තිබු මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක්, විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ මිලි මිටර් 09 උණ්ඩ 02ක් සහ කඩු දෙකක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
