Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තෝරයායේ බස් අනතුරේ රියදුරන්ගේ රියදුරු බලපත්‍ර අත්හිටුවයි

2 years ago

සිව් දෙනකුට මරු කැඳවමින් 24 දෙනකුට තුවාල සිදු කළ කුරුණෑගල, තෝරයායේ මාරක බස් රථ අනතුරට සම්බන්ධ බස් රථ දෙකේම රියැදුරන් දෙදෙනාට ඇප නියම කර තිබෙනවා.

ඒ කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා විසින්.

මේ අතර සැකකරුවන් දෙදෙනාගේ රියැදුරු බලපත්‍ර නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන ලෙසද මෝටර් රථ කොමසාරිස්වරයාට අතිරේක මහේස්ත්‍රාත් විසින් නියෝග කර තිබෙනවා.

ඒ අනුව සැකකාර රියදුරන් දෙදෙනාට වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප නියම කළ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා මාර්තු මස 20 දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කළා.

සැකකාර රියදුරන්ගේ රියදුරු බලපත්‍ර අත් හිටුවන නියෝගය මෝටර් රථ කොමසාරිස්වරයාට වාහාම දන්වන ලෙසට ද අතිරේක මහේස්ත්‍රාත්වරයා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළා.