Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යතුරුපැදියක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී ගිනි ගෙන අළු වෙයි

2 years ago

වවුනියාව, පූන්තෝට්ටම් හීදි මෝටර් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් මෝටර් රථය හා යතුරුපැදිය අද (24) උදෑසන සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇතැයි වවුනියාව පොලිසිය පවසයි.

අනතුරින් පසුව යතුරුපැදිය සහ මෝටර් රථ සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති බව පොලිසිය පවසනවා.

අනතුරින් යතුරුපැදිකරුට සුළු තුවාල සිදුව ඇත.

ගිනිනිවන රථ යොදා ගනිමින් ගිනි ගනිමින් තිබූ මෝටර් රථයේ ගින්න පාලනය කළ අතර එහෙත් යතුරු පැදිය සහ මෝටර් රථය ගින්නෙන් සම්පූර්ණයෙන් විනාශවී තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.