Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

16 හැවිරිදි දැරියක් අතුරුදහන්! තොරතුරක් ඇතොත් දැනුම්දෙන්න!

2 years ago

16 හැවිරිදි දැරියක් අතුරුදන් වී ඇති බවට කන්දෙනුවර පොලිස් ස්ථානයට දැරියගේ මිත්තණිය විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම දැරිය පසුගිය වසරේ දෙසැම්බර් 06 වනදා සිට අතුරුදන්ව ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.

අතුරුදන් වූ දැරිය කොණ්ඩය දිගට වවා ඇති උස අඩි 05ක් පමණ තලෙළු කෙට්ටු සිරුර සහිත අයෙකි.

ඇය අවසන් වරට ක්‍රීම් පාට කොට කලිසමක් හා කලු පැහැති මල් සහිත සුදු පැහැ ටීෂර්ටයක් හැඳ සිට ඇති බව පොලීසිය පවසයි.

අතුරුදන් වූ දැරියගේ නම ඉඩම්ගෙදර තරුෂි චම්පිකා වන අතර ඇය වයස අවුරුදු 16ක දැරියකි 

එම දැරිය අංක 85, කන්දෙනුවර, අල්වත්ත ලිපිනයේ පදිංචිව සිට ඇති බව පොලීසිය පවසයි.

අතුරුදන් වු අදාළ දැරිය සම්බන්ධයෙන් වැඩි විස්තරයක් වෙතොත් පහත දුරකථන අංකයන්ට දැනුම්දෙන ලෙස පොලීසිය පවසයි.

ස්ථානාධිපති කන්දෙනුවර :- 071 – 8592943
පොලිස් ස්ථානය කන්දෙනුවර :- 066-3060954