Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කඳුනැගීමේ ශූර යොහාන් පීරිස් දිවයිනට

2 years ago

ලෝකයේ මහාද්වීප හතේ උසම කදු මුදුන් තරණය කිරීම අභියෝගයක් බවට පත් කර ගත් ශ්‍රී ලාංකික කදු නැගීමේ ශූර යොහාන් පීරිස් , ලෝකයේ තවත් උසම කදු මුදුන් දෙකක් තරණය කිරීමෙන් අනතුරුව අද (24) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

යොහාන් පීරිස් මෙවර ඇන්ටාටිකාවේ වින්සන්ට් කදු මුදුන සහ දකුණු ඇමෙරිකාවේ , ආජෙන්ටිනාවේ ඇකන්කගුවා කදු මුදුන තරණය කිරීමෙන් අනතුරුව මෙසේ යළිත් මෙරටට පැමිණ තිබුණි.

ඔහු මේ වන විට මහද්වීප 6ක උසම කඳු මුදුන් තරණය කර තිබේ/

ඒ අනුව මේ වනවිට ආසියා මහාද්වීපයේ  එවරස්ට් , අප්‍රිකා මහාද්වීපයේ කිලිමැන්ජාරෝ , ඕස්ට්‍රේලියා මහාද්වීපයේ කොසිඩස්කෝ , යුරෝපා මහාද්වීපයේ එල්බ්‍රෙස් , ඇන්ටාටිකා මහාද්වීපයේ වින්සන්ට් සහ දකුණු ඇමෙරිකාවේ ඇකන්කගුවා යන කදු සාර්ථකව තරණය කිරීමට යොහාන් පීරිස් සමත් වී තිබේ.

ඔහුට තවත් ඉතිරි වී පවතින්නේ ඇලෙස්කා මහාද්වීපයේ ඩිනාලී කදු මුදුන තරණය කිරීමට පමණි.

ඒ සදහා තමන් එළඹෙන මැයි මාසයේ මෙරටින් පිටත්ව යන බව යොහාන් පීරිස් සදහන් කළේය.

ලෝකයේ මේ වනවිට මේ ආකාරයට ලොව උසම කදු මුදුන් 07 ම තරණය කළ පුද්ගලයන් 400 ක් සිටින බව ද යොහාන් පීරිස්  සදහන් කළේය.