විදේශ අමාත්‍ය විජිත හේරත්, අද ජිනීවාහී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වන සැසිවාරය ඇමතීමට නියමිතයි.
ඒ අනුව අමාත්‍යවරයා ජිනීවා වේලාවෙන් පස්වරු 03.30 ට සැසිවාරය ඇමතීමට නියමිත අතර, එහිදී ඔහු මානව හිමිකම් සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළීබද ප්‍රධාන සාකච්ඡා කිහිපයක් ද පවත්වනු ඇති.
මෙහිදී අමාත්‍යවරයා එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු උප රාජ්‍ය ලේකම් හයිබරිහි කොලින්ස් සාමිවරයා සමඟ ද්විපාර්ශ්වික හමුවකටද එක්ව තිබෙනවා.
මීට අමතරව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් වොල්කර් ටර්ක්, පලස්තීන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වර්සන් අගබෙකියන් ඇතුලු තවත් නායකයන් කිහිපදෙනෙකු ද අමාත්‍යවරයා හමු වූ බව සදහන්.
