සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 07ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අහස් සංදර්ශනයක් මේ දිනවල පවතින බව නවීන තාක්ෂණය පිළිබද ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
ඔබට මෙම දුර්ලභ සිදුවීම අද (25) සිට පෙබරවාරි 28 දක්වා හිරු බැස යෑමෙන් පසු දැකගත හැකිය.
පෘථිවිය හැර සෞරග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහලෝක මෙම කාලය තුළ පොදු මාර්ගයක් අනුගමනය කරමින් ගමන් ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
නාසා ආයතනයට අනුව, පෙළගැස්මක් ලෙස හැඳින්වෙන මෙම සංසිද්ධිය බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහලෝක කිසිදු දෘශ්‍ය ආධාරයකින් තොරව දෘශ්‍යමාන වීමට ඉඩ සලසයි.
එමෙන්ම ඔබට දුරේක්ෂයක ආධාරයෙන් නෙප්චූන් සහ යුරේනස් ඇසට හසු කර ගැනීමට ඔබට දුරේක්ෂයක ආධාරයෙන් දැකබලා ගත හැකිය.
