“කෙසෙල් බද්දර පත්මේ” නැමැත්තාගේ බිරිඳට අයත් පන්නල ප්‍රදේශයේ පිහිටි නිවස හා ඒ අවට ප්‍රදේශය වීඩියෝගත කළ සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් මෙම ” කෙසෙල් බද්දර පත්මේ ” නැමැත්තාට චෝදනා එල්ල වනවා.
ඒ අනුව ඔහුගේ බිරිඳට අයත් නිවසක් වීඩියෝගත කළ බව පවසන චෝදනාවක් මත එම සැකකරුවන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා සහ බිරිඳ මේ වනවිට විදේශ ගතව සිටින අතර බිරිඳගේ පවුලේ සාමාජිකයින් පන්නල ප්‍රදේශයේ වාසය කරයි.
පොලිසිය පැවසුවේ ඊයේ (24) පස්වරුවේ එම නිවස වීඩියෝගත කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳව බුද්ධි තොරතුරු ලැබුණු බවයි.
වහා ක්‍රියාත්මකවූ පොලිසිය එම පුද්ලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.
පොලිසිය පැවසුවේ කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ බිරිඳගේ මව, පියා සහ බාල සහෝදරයා එම අවස්ථාවේ නිවසේ රැදී සිටි බවයි.
