මෙරට උඩරට වෙස් නැටුම් සම්ප්‍රදායේ ප්‍රවීණයෙකු වූ නර්තන ශූරී පීටර් සූරසේන මහතා (25) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
එතුමා මියයන විට 85 වැනි වියේ පසු විය.
දශක 5ක් පුරා ශ්‍රී දළදා පෙරහර වර්ණවත් කිරීමට එතුමාගේ දායකත්වය හිමි විය.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේ දී නිශ්ශංක විජේරත්න දිය වඩන නිලමේවරයා විසින් සූරසේන නර්තනවේදියාගේ කුසලතාව ගැන පැහැදී දියවඩන නිලමේවරයාගේ දෙපසින් යන නැටුම් කණ්ඩායමේ දකුණු පස ප්‍රධානියා ලෙස පීටර් සූරසේන ව තෝරාගත්තා.
එමෙන්ම ජනාධිපති ඩී.බී විජේතුංග මහතා විසින් ද ” ශ්‍රී ලංකා තිලක” ගෞරව නාමයෙන් මෙම සුවිසල් නර්තන ශිල්පියාට ගෞරයට පාත්‍ර කර තිබීම ද විශේෂත්වයක්.
වෙස් නැටුම් ශිල්පියෙකු ලෙස රටවල් 80 ක සංදර්ශන පවත්වා ඇති අභාවප්‍රාප්ත පීටර් සූරසේන මහතා ශ්‍රී ලංකා රාජ්‍ය නැටුම් කණ්ඩායමේ ප්‍රධාන වෙස් නැටුම් ශිල්පියා ද වුණා.
ඒ මහතා 35 වසරක් ජනපති සම්මානය දිනා තිබීම ද විශේෂිතයි.
1940 ජනවාරි 13 වැනිදා මහනුවර අරුප්පල දී උපන් පීටර් සූරසේන හත් හැවිරිදි වියේ දී මහනුවර – අමුණුගම සුරඹා ගුරුන්නාන්සේ යටතේ නර්තනය හැදෑරීමට යොමුව දොළොස් වසකට පසු දෙගල්දොරුව රජ මහා විහාරස්ථානයේ දී නැකතට වෙස් බැඳ ඇති බව පැවසේ.
