Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කැලිප්සෝ දුම්රියෙන් වාර්තාගත ආදායමක්

2 years ago

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් කැලිප්සෝ දුම්රිය දිනක ආදායම රුපියල් ලක්ෂ 10 ඉක්මවමින් වාර්තාගත ආදායමක් උපයා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දිනපතා බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා ධාවනය වන කැලිප්සෝ දුම්රිය වසර කිහිපයකට පසු පසුගිය 17 වනදා යළි ධාවනයට එක් කළේය.

මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර උඩරට දුම්රිය මාර්ගයේ අසිරිය විඳින්නට සංචාරකයින් මහත් උනන්දුවක් දක්වනවා.

මෙහිදී දෙමෝදර අසල විනාඩි 10 ක්, ඇල්ල ආරුක්කු 9 පාලම මත විනාඩි 10 ක්ද නතර කර සංචාරකයන්ට සිරි නැරඹීමට අවස්ථාව ලබා දෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.