Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියගේ මව සහ සොහොයුරාට අධිකරණයෙන් ලැබුණු නියෝගය

2 years ago

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින ප්‍රධාන සැකකාර කාන්තාවගේ මව සහ සොහොයුරා ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද දින (26) මෙම සැකකරුවන් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලදී.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දැනුම් දුන්නේ ඔවුන්ට මෙම සිද්ධිය පිළිබඳව දැනුවත් භාවයක් තිබූ බවයි.

මේ අනුව, තොරතුරු වසන් කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පෙන්වා දෙනවා.