මාර්ගයක් අසල සිසුවෙකු දණගස්වා පහරදෙන වීඩියෝවක් පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.
මෙම අමානුෂික ප්‍රහාරයට ලක්ව ඇත්තේ පසුගිය 20 වනදා කෑගල්ල පිටිහුම ප්‍රදේශයේදී බස් රථය එනතුරු රැඳීසිටි දමුණුපොල ප්‍රදේශයේ සිසුවෙකුයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 16 හැවිරිදි සැකකරුවන් තිදෙනෙක් කෑගල්ල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අද (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පහරදීමේ සිදුවීමට පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සම්බන්ධ වී ඇති බවයි වාර්තා වන්නේ.
අනෙක් සැකකරුවන් දෙදෙනා සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
මේ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (27) කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
