Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාන්තාවකට දිවි අහිමි කළ රිය අනතුර

2 years ago

කඳාන පොලිස් වසමේ පේරලන්ද ප්‍රදේශයේ ඊයේ (25) දින රාගම දෙස සිට කඳාන දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගයේ ගමන් කළ පදික කාන්තාවන් දෙදෙනෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා .

සිදුවූ අනතුරින් එක් කාන්තාවක් තුවාල ලබා තවත් කාන්තාවක් මියගොස් තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙන බවයි සඳහන් වන්නේ .

අනෙක් පදික කාන්තාව සුළු තුවාල ලබා තිබෙනවා .

මෙම අනතුරින් මියගොස් තිබෙන්නේ වයස අවුරුදු 62 ක් වූ ගොඩකවෙල, රක්වාන ප්‍රදේශයේ පදිංචිකාරියක් .

අනතුරට සම්බන්ධ වයස අවුරුදු 35 ක් වන ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .