Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිස්ත්‍රික්ක කිහිපයක ජල සැපයුමට බාධා

2 years ago

පවතින වියළි කාලගුණයත් සමග දිවයිනේ ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් ක‍ළේ කොළඹ, කළුතර, රත්නපුර, මාතර සහ මහනුවර යන ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ල වී ඇති බවයි.

වියළි කාලගුණයත් සමග ජල මුලාශයන් වල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

මේ දිනවල ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති අතර ජල සැපයුම සීමා සහිත බැවින් වාහන සේදීම, ගෙවතු වගා වැනි කටයුතු සඳහා ජලය භාවිතා කිරීම අවමකොට අරපිරිස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ජල සැපයුමට බාධා එල්ල වී ඇති ප්‍ර දේශ වල ඇතැම් පාරිභෝගිකයින් සඳහා බවුසර් මගින් ජලය ලබා දීමට මේ වන විට කටයුතු කරන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.