ගම්පහ, මාහේන ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ ආයුධ තොගයක් සොයාගැනීමට පොලීසියට ඊයේ (26) දින පස්වරුවේ හැකිවී තිබෙනවා.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.
එහිදී T56 ගිනිඅවියක්, මැගසිනයක් සහ ජීව උණ්ඩ 23ක් සොගෙන තිබේ.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ (26) උදෑසන මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීම විමර්ශනය කිරීම සඳහා එහි ගිය අවස්ථාවේදී මෙම ආයුධ පිළිබඳ තොරතුර ඔවුන්ට ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
ගිනිඅවිය කවුරුන් විසින් මෙහි සඟවා ගියේ දැයි මේ දක්වා හෙළිවී නොමැති අතර, ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන මේ වනවිට ආරම්භ කර තිබේ.
