Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පානදුර නිවසකින් තැන තැන සඟවා තිබූ ජංගම දුරකතන 82ක් සොයාගනී

2 years ago

පානදුර නිවසක තිබූ සොරකම් කළ බවට සැක ජංගම දුරකථන 82 ක් සමග නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, පානදුර වෑකඩ ජනඋදාන ගම්මානයේ පදිංචි කාන්තාවක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (27) අළුයම සිදුකල විශේෂ මෙහෙයුමක් අතරතුර නිවස පරීක්ෂා කිරීමේදී තැන තැන සගවා තිබූ විවිධ මාදිලියේ ජංගම දුරකථන 82 ක් සොයාගෙන ඇතැයි උසස් පොලිස් නිළධාරියෙක් කීය.

සැකකාර කාන්තාව පුත්‍රයා සමග නිවසේ පදිංචිව සිට ඇති බව සඳහන්.

ඔහු වැටලීම සිදුකරන මොහොතේ නිවසේ සිට නොමැති බැවින් ඔහු සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බවත් පොලිසිය සදහන් කළේය.