Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තෙල් සංස්ථා සභාපතිගෙන් රටටම ආදර්ශයක්! සුපිරි BMW රථය විකුණා සේවකයන්ට සැප බස් දෙකක්!

2 years ago

තෙල් සංසථාවේ සභාපතිවරයාට පරිහරණය කිරීම සඳහා ලබා දී තිබූ BMW වර්ගයේ මෝටර් රථය විකිණීම සඳහා මේ වන විට ටෙන්ඩර් කැඳවා තිබේ.

අශ්වබල 3,500ක් පමණ වන BMW 7 SERIESට අයත් මෙම මෝටර් රථය 2018 වසරේ මිලට ගෙන ඇත්තේ රුපියල් මිලියන 29.5කටය.

මෙම මෝටර් රථයේ පෙට්‍රල් ලීටරයකින් ධාවනය කළ හැක්කේ කිලෝමීටර් 4ක් පමණි.

වර්තමාන සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතාට ලබා දී තිබූ මේ මෝටර් රථය ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

එමෙන්ම මෙම මෝටර් රථය අවස්ථා කිහිපයකම අලුත්වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් හැටහත් ලක්ෂ හැත්තෑහයදහස් තුන්සිය හතළිස් නවයක් (6,776,349.00) වැය කර තිබේ.

මේ කරුණු සැලකිල්ලට ගත් වර්තමාන සභාපතිවරයා මේ වන විට තීරණය කර ඇත්තේ එම සුපිරි රථය අලෙවි කර, එයින් වායුසමනය කළ බස් රථ දෙකක් මිලට ගෙන, එම බස් රථ සේවක ප්‍රවාහනය වෙනුවෙන් ලබා දෙන්නටය.