මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් සහ අධික ජල පරිභෝජනය හේතුවෙන් බෙදා හැරීමේ පද්ධතියේ අඩු පීඩන තත්ත්වයක් හෝ උස් බිම් ප්‍රදේශවල ජල සැපයීම් බිඳ වැටීම් සිදුවිය හැකි බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කරන්නේ මෙලෙස ජල සැපයුම දෛනිකව සැලකිය යුතු කාලයක් අඩාල වන බවයි.
මණ්ඩලය මඟින් හඳුනාගත් උස් ප්‍රදේශවල පදිංචි පාරිභෝගිකයින් සඳහා බවුසර් මඟින් සහ මුර ක්‍රමය යටතේ ජලය ලබාදීමට ද කටයුතු සලසා ඇති බවද ඔවුන් පවසනවා.
තවද ජල මුලාශ්‍රයන්හි ජල මට්ටම් පහළ අගයක පවතින අතර ජනතාවගේ ජල පරිභෝජනය සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති වුවද ජල නිෂ්පාදනයෙහි අඩුවීමක් සිදුවී නොමැති අතර සාමාන්‍ය තත්ත්වයෙන් 10% පමණ අභිබවා ජලය නිෂ්පාදනය කර බෙදා හැරීම සිදු කරන බව එම මණ්ඩලය සඳහන් කරනවා.
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ හේතුවෙන් අත්‍යාවශ්‍ය දෛනික කටයුතුවලදී ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා නළ මඟින් ලබාදෙන පානීය ජලය භාවිතය අවම කරන ලෙසත්ය.
මෙමඟින් බෙදා හැරීමේ පද්ධතිය ජල පීඩනය ප්රශස්ත මට්ටමක පවත්වා ගැනීමට හැකියාව ඇති බවත් හදිසි අවස්ථාවන්ට මුහුණ දීම සඳහා පෙර සුදානමකින් සිටින ලෙසත් එම මණ්ඩලය සඳහන් කරනවා.
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ ඊට අමතරව ගංඟා ජලයට ලවණ ජලය මුසුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය තාවකාලික ලවණ බාධක ඉදිකිරීමට ද කටයුතු කර ඇති බවයි.
