Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාරිභෝගිකයන්ගේ තැන්පතු සඳහා 11.67%ක පොලී මුදලක් ගෙවන ලෙස විදුලිබල මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

2 years ago

පාරිභෝගිකයන්ගෙන් එකතු කරන ලද ආරක්ෂක තැන්පතු සඳහා වාර්ෂික ලෙස පොලිය ගෙවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විදුලිබල මණ්ඩලයට අද (28) නියෝග කළා.

ඒ අනුව ශ්‍රී ලංකා මහබැංකුව විසින් ගෙවන ලද සියයට 11.67ක වාර්ෂික පොලිය ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්ට මෙන්ම සෙසු විදුලිය පාරිභෝගකයින්ට ගෙවිය යුතුයි.

ලංකා විදුලිබල පනතේ 28(03) වගන්තිය ප්‍රකාරව ලබාගෙන ඇති වාර්ෂික පොලි මුදල පාරිභෝගිකයින්ට ගෙවන ලෙස ඉල්ලා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති සංගමය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණා.

එය අද (28) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි, මෙම නියෝගය නිකුත් කෙරුණේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා, අමාත්‍යංශ ලේකම්, නීතිපති, මහජන උපයෝගීතා කොමිසම මෙහි වගඋත්තරුවන් ලෙස නම් කර තිබුණා.