Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වත්තලදී උස්සපු ලොරි රථයක් පැහැරගෙන යද්දී පොලිසියෙන් වෙඩි ප්‍රහාර රැසක්! වාහන 4ක් අනතුරට ලක් කරලා!

2 years ago

වත්තල ප්‍රදේශයේදී ලොරි රථයක් පැහැරගෙන පලායමින් සිටියදී කඩුවෙලදී එම රථයට වෙඩිතබා නවතාගෙන සැකකරුවෙකු අත්අඩංගුවට ගත්බව කඩුවෙල පොලිසීය පැවසීය.

අදාළ ලොරි රථය නොරොච්චෝලේ සිට සුපිරි වෙළෙඳසැලක් සඳහා එළවළු පටවාගෙන යන අතරතුර, වත්තල ප්‍රදේශයේ තේ කඩයක් අසල නවත්වා තිබේ.

එහිදී රියදුරු තේ බීමට ගිය අවස්ථාවේදී අත්අඩංගුවට ගත් සැකකරු විසින් ලොරිය පැහැරගෙන ඇත.

පසුව ලොරි රථයේ හිමිකරු හා රියදුරු විසින් ඒ පිළිබඳව පොලීසියට දැනුම්දී තිබේ.

ඒ අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අදාළ ලොරිය නැවැත්වීමට පොලීසිය උත්සාහ ගත්තද, එය ව්‍යාර්ථ වී තිබේ.

පසුව කඩුවෙල දෙසට පැමිණි අවස්ථාවේදී පොලිස් කණ්ඩායම් කිහිපයක් ලොරිය පසුපස හඹාගොස් ඇත.

එහිදී තලාහේන ප්‍රදේශයේදී සහ කඩුවෙලදී වෙඩිපහර කිහිපයක් එල්ලකර තිබේ.

නමුත් මෝටර් රථ 2ක්, බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් හප්පා දමමින් එම ලොරිය ඉදිරියට ගොස් ඇත.

පසුව පොලිස් ක්ෂණික විහිදුම් යතුරු පැදි කණ්ඩායම් මගින් අදාල ලොරි රථය ලුහුබැඳ තිබෙනවා.

ඒ අතරතුර කඩුවෙල නගරයේදී තවත් ලොරි රථ යොදාගනිමින් ලොරිය පැමිණෙන මාර්ගය හරස් කර තිබේ.

එහිදී මාර්ග බාධක යොදා තිබූ අවස්ථාවේ සැකකරු එම ස්ථානයටද පැමිණ නැවත හැරීයාමට සැරසී ඇත.

එහිදී පොලීසිය විසින් යළිත් වෙඩි පහර කිහිපයක් ලොරියට එල්ලකර එය නවතාගැනීමට කටයුතුකර තිබේ.

කඩුවෙල අධිකරණය සංකීර්ණය අසලදී ලොරි රථය නවතා දමා සැකකරු ඉන් පලායාමට උත්සාහ දැරූ අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවට පවත්ව ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙක්ය.

අත් අඩංගුවට ගත් සැකකරු සතුව තිබී අත් බෝම්බයක් සොයාගැනීමටත් පොලිසිය සමත්ව තිබෙනවා.

සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.