Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගනේමුල්ල සංජීව ඝාතනයට සැකපිට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

2 years ago

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, මිනුවන්ගොඩ ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින්.

එසේම ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, අපරාධය මෙහෙයවීමට භාවිතා කරන ලද සිම්පත් ලබා දී මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙනුයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, මැදගොව්ව, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක් සහ මිනුවන්ගොඩ පාර, දූනගහ ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ඒ අනුව මේ දක්වා මෙම අපරාධයට අදාළව සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.