Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්ධන හිඟයක් ගැන පැතිර යන කතාවලට ආණ්ඩුවෙන් පිළිතුරු

2 years ago

රටතුළ ඉන්ධන සංචිතවල කිසිදු හිඟයක් නොමැති බව කම්කරු අමාත්‍ය මෙන්ම ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා.

ඊයේ රාත්‍රියේ ඉන්ධන පිරවුම්හල් අසල ඇති වූ දිගු පෝලිම් පිළිබඳව අද (01) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී ඔහු පෙන්වා දුන්නේ රටතුළ ඉන්ධන අර්බුදයක් තිබෙන බව පෙන්වීම සඳහා ඇතැම් සංවිධානාත්මක කණ්ඩායමක් කෘත්‍රිම ඉන්ධන අර්බුයක් නිර්මාණය කිරීමට උත්සාහ දරමින් සිටින බවයි.