පවතින අයහපත් කාලගුණ තත්ත්වය පහව යනතුරු යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසාදැමීමට තීරණය කළ බව එම වනෝද්‍යාන පාලක මනෝජ් විද්‍යාරත්න මහතා පවසයි.
පසුගිය දින දෙක තුළ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් යාල වනෝද්‍යානයේ මාර්ග බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත්, වනෝද්‍යානය තුළ ඇති වැව් ඉවුරු කිහිපයක් කඩාගෙන ගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය.
මේ හේතුවෙන් වනසතුන්ගේ මෙන්ම සංචාරකයින්ගේද ආරක්ෂාව වෙනුවෙන් අද (01) සිට යාල ජාතික වනෝද්‍යානය වසා දැමීමට තීරණය කර ඇත.
ඒ අනුව, යාල කලාප අංක 01ට අදාළ කටගමුව හා පලටුපාන පිවිසුම් දොරටු වසාදමා තිබේ.
වැසි තත්ත්වය පහව යාමෙන් අනතුරුව යළි වනෝද්‍යානය විවෘත කරන බවයි වනෝද්‍යාන පාලකවරයා සඳහන් කළේ.
